කොළඹ නගරය තුළ ජලගැලීම් වැළැක්වීම, ජලාපවහනය ප්‍රතිසංස්කරණය කිරීම සහ දේශගුණිකව ඔරොත්තු දී සිටීම පිළිබඳ ප්‍රතිපත්තියක්
විශේෂයෙන් අඩු ආදායම්ලාභී හා ජලගැලීම් ගොදුරු කලාප ආශ්‍රිතව කොළඹ නගරය හා බැඳි අතිශය ආපදාකාරී අභියෝගවලින් එකක් වනුයේ, ගංවතුර තර්ජනයයි. ‘අද වියළි බව, හෙට ආරක්ෂිත බව’ යන වැඩපිළිවෙළ අවධානය යොමු කරන්නේ, අවහිර වූ කාණු සිතියම්ගත කිරීමටත්, ජල මාර්ග පිරිසිදු කිරීමටත්, ඊට සුහුරු සංවේදක හඳුන්වා දීමටත්, ජල සැපයුම් පද්ධති නඩත්තුව කැලි කසල පාලනය හා සම්බන්ධ කර පවත්වාගෙන යාමටත් අදාළ කාර්යභාරය කෙරෙහි ය. එය, පාසැල්, නිවාස සහ ජීවනෝපාය මාර්ග යනාදිය වාර්ෂිකව සිදු වන ජල ගැලීම් හානිවලින් ප්‍රථමකොට වළක්වා ගැනීමේ ප්‍රවේශයක් සහිත ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකි.
ප්‍රධාන පාර්ශවකරුවෝ
- කොළඹ මහ නගර සභාව
- නාගරික සංවර්ධන අධිකාරිය
- ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
- ප්‍රජා සාමාජිකයින් සහ ප්‍රාදේශීක කමිටු
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- ශ්‍රී ලංකා නාවික හමුදාව
දැනට අප සතු දෑ කවරේ ද?
- මලාපවහන පද්ධති ආවරණය කොළඹ නගරයේ භූමි ප්‍රමාණයෙන් 60% ක් පමණ වන අතර එයින් වැඩි ප්‍රමාණයක් පැරණි වන අතර ඒවාටඅලුත්වැඩියා කටයුතු අවශ්‍ය වේ.
- බොහෝ පොම්පාගාර යල් පැන ගිය ඒවා වන අතර ඒවාට නිරන්තර යාන්ත්‍රික ගැටලු ඇති වේ.
- ඇළ මාර්ග ගණනාවක්ම කසල හා රොන්මඩ යනාදියෙන් හෝ නීති විරෝධී ඉදිකිරීම් මගින් දැඩිව අවහිර වී තිබේ.
- කාණු පද්ධති කලට වේලාවට පවිත්‍ර නොකිරීම හේතුවෙන් අධික වර්ෂාවක දී මහ මාර්ග ඉතා ඉක්මනින් ජලයෙන් යටවේ.
- අවිධිමත් ජනාවාස ආශ්‍රිතව නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති නොමැති අතර අනාරක්ෂිත විකල්ප මත ඒවා රඳා පවතී.
- සීමිත ප්‍රජා සන්නිවේදනය, ගංවතුර ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතික්‍රියාවලට සීමා වන නමුත් ඉන් ඒවා වළක්වා ගත හැකි නොවේ.
අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?
- පැරණිතම කලාපවලින් ආරම්භ කර දැනට පවතින අපද්‍රව්‍ය බැහැර මාර්ග යාවත්කාලීන කිරීම සහ අළුත්වැඩියා කිරීම.
- වඩා හොඳ නඩත්තු කාලසටහන් සහ පුහුණු කාර්ය මණ්ඩලයක් සහිතව පොම්පාගාර නවීකරණය කිරීම.
- අපද්‍රව්‍ය කළමනාකරණ කණ්ඩායම් සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව මාසිකව ඇළ මාර්ග පිරිසිදු කිරීම.
- නියෝජිතායතන (කොළඹ මහ නගර සභාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව) අතර සම්බන්ධීකරණය හවුල් ක්‍රියාකාරි විද්‍යුත් ඩෑෂ්බෝඩ් පුවරුවක් හරහා වැඩි දියුණු කිරීම.
- කාණු පැහැදිලි කර ගැනීම සඳහා ගංවතුර වැළැක්වීමේ කණ්ඩායම් සමඟ එක්ව එම කාර්යය ඝන අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුත්තටසම්බන්ධ කිරීම.
- කුඩා පරිමාණ සනීපාරක්ෂක කේන්ද්‍ර භාවිතා කරමින් ඌණ සේවා සැලසි ජනාවාසවල අපද්‍රව්‍ය පද්ධති සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
- නීතිවිරෝධී කසල බැහැර ස්ථාන සහ නියාමනය නොකළ සම්බන්ධතා පිළිබඳ පරීක්ෂණ වැඩි කිරීම.
අප හඳුන්වා දෙන නව අංග මොනවාද?
- කලින් අනතුරු ඇඟවීම් දැනුම් දීම සඳහා දඩි බලපෑම් සහිත ස්ථානවල ජල ගැලීම් හඟවන සංවේදක සහ ජල මට්ටම අධීක්ෂණය කිරීමේ යන්ත්‍ර ස්ථාපනය කිරීම.
- ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ සහ හෙළි පෙහෙළි කළ කාණු පද්ධති කලාප තථ්‍ය කාලීනව පෙන්වන කොළඹ නගරය ආශ්රිත ජල ගැලුම් මුක්ත ප්‍රදේශ ඉස්මතු කෙරෙන පොදු සිතියමක් සැකසීම.
- අවහිර වූ හෝ කැඩුණු කාණු පද්ධති පිළිබඳව පුරවැසියන්ට වාර්තා කළ හැකි නගරය පුරා භාවිතයට ගත හැකි ජලාපවහන පරීක්ෂණයට හසු කිරීමේ අන්තර්ජාල යෙදුමක් හඳුන්වා දීම.
- 24/7 කාලය පුරාවටම නිෂ්කාශන ධාරිතාවෙන් සජ්ජිත යුහුසුළුව ප්‍රතිචාර දැක්විය හැකි ජලාපවහන පද්ධති කණ්ඩායම් සියලු අධි අවදානම් සහිත ප්‍රදේශවල ඇති කිරීම.
- පූර්ව අනතුරු ඇඟවීම් සහ හදිසි සහාය සැලසීම පිළිබඳ පුහුණුව ලබා ඇති ප්‍රජා ජල ගැලුම් නියාමකයන් පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව සූදානමින් තැබීම.
- ප්‍රාදේශික අපද්‍රව්‍ය ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා අවිධිමත් ජනාවාසවලට සමීපව කුඩා පවිත්රාගාර පහසුකම් ඇති කිරීම.
ක්‍රමවේදයේ විනිවිදභාවය හා වගවීම ඇති කිරීම
- ජලාපවහන, මලාපවහන සහ ගංවතුර ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘති පිළිබඳ මාසික යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කිරීම.
- ප්‍රගතිය සහ අධි අවදානම් කලාප පෙන්වීම සඳහා සුහුරු සිතියම් සහ විද්‍යුත් ඩෑෂ්බෝඩ් උපකරණ පුවරු භාවිතා කිරීම.
- ඇළ මාර්ග පිරිසිදු කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා නාගරික කොට්ඨාස මට්ටමේ ඉලක්ක හඳුන්වා දීම.
- මහජනයා සමඟ පරීක්ෂණ වාර්තා සහ ඒවා පිළිබඳ ප්‍රගතිය බෙදා හුවමාරු කර ගැනීම.
- අධීක්ෂණය හා නඩත්තු කිරීමේ කාර්යයන්හිලා ජංගම වාර්තාකරණය තුළින් ජන ප්‍රජාව සම්බන්ධ කර ගැනීම.