කොළඹ නගරයේ තරුණ තරුණියන් කුසලතා පූර්ණ, උපදේශකත්වය සහිත, සැබෑ අවස්ථා හිමි තැනැත්තන් ලෙස සවිබල ගැන්වීමේ ප්‍රතිපත්තියක්
තරුණ විරැකියාව කොළඹ නගරය තුළ වඩාත් හදිසි සමාජ ගැටලුවලින් එකකි. නමුත්, ඊට පිළිතුර රජයේ රැකියා වැඩි කිරීමම නොවේ. එය, සැබෑ අවස්ථා වඩාත් සුලභ කිරීමක් වන්නේ ය. ‘අනාගතය ගොඩනගන රැකියා’ වැඩපිළිවෙළ තුළින් තරුණ තරුණියන් යම් ආදායම් මාර්ගයක් හා අරමුණක් වෙත සම්බන්ධ කිරීම සඳහා නිපුණතා වර්ධනය කර ගැනීමේ මාර්ග ධාරාවක් ද, ක්ෂුද්‍ර ව්‍යාපාර සහාය සැලසීමක් ද, රැකියා සම්බන්ධ කර දෙන කාර්යාලයක් ද, දේශීය සේවා යෝජකයන් සමඟ හවුල්කාරිත්වයක් ද බිහි කර දෙයි. මෙය වූ කලී, කොළඹ නගරයේ වෙසෙන තරුණ තරුණියන්ට තම නගරය හැරයාමකින් තොරව සාර්ථක වීම සඳහා ඔවුනට අවශ්‍ය නිසි මෙවලම් ඔවුන් වෙත ලබා දීමේ ව්‍යායාමයකි.
ගැටලුව
- කොළඹ නගරයේ බොහෝ යෞවන යෞවනියන් – විශේෂයෙන් අඩු ආදායම්ලාභී ප්‍රදේශවල වෙසෙන්නන්, – පාසැල් ඉගෙනුම අවසන් කර හෝ අතහැර දමා හෝ වැඩ කිරීම සඳහා පැහැදිලි මාවතක් නොමැතිව හෝ සිටින්නන් ය.
- ප්‍රාදේශිකව රැකියා සඳහා ඇති අවස්ථා අල්ප ය. කර්මාන්තවලට නිරාවරණය ව්නු පිණිස ඇත්තේ සීමිත ඉඩකඩකි. එමෙන්ම, රැකියා හෝ ඊට අදාළ පුහුණුව ලබා ගැනීමට කිසිදු උපකාරක ක්‍රමවේදයක් ද ඔවුනට නොමැත.
- මෙය, ඔවුන් මත්ද්‍රව්‍ය හා අපරාධ කෙරෙහි නැඹුරු වීමට ද, ඉච්ඡාභංගත්වයට ගොදුරු වීමට ද බලපායි.
- රජයේ රැකියා සීමිත වන අතර ඊට කෙරෙන වැඩි එකතු කිරීම් ද මූල්‍යමය වශයෙන් තිරසාර නොවේ.
දැනට අප සතු දෑ කවරේ ද?
- නගරය විසින් පවත්වාගෙන යනු ලබන මූලික පුහුණු වැඩසටහන්, බොහෝ විට යල් පිනූ ඒවා ය.
- පුද්ගලික සමාගම් කීපයක් සීමාවාසික පුහුණුව ලබා දුන්න ද, බොහෝ දෙනෙකු හට ඒවා කරා ලඟා විය නොහැකි ය.
- රාජ්‍ය නොවන සංවිධාන සහ පුණ්‍යායතන සම්බන්ධීකරණයක් රහිත යොවුන් කටයුතු ඉටු කරයි.
අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?
- අර්ධකාලීන හා ආධුනිකත්ව රැකියා අවස්ථා ලබා දීම සඳහා ව්‍යාපාර (සාප්පු, බෙදා හැරීමේ සමාගම්, කාර්මික ශිල්පීන්, රූපලාවණ්‍යාගාර, කාර්මික සමාගම් යනාදිය) හවුල් කර ගැනීම.
- සෑම නාගරික කොට්ඨාසයකම සිටින රැකියා සොයන තරුණ තරුණියන් හඳුනා ගැනීම.
- රැකියා සුදානමක් සහිත නිපුණතා තුළ තරුණ තරුණියන් පුහුණු කිරීම (බෙදා හැරීමේ යෙදුම්, පාරිභෝගික සේවය, ඉදිකිරීම්, ආරක්ෂාව, රැකබලා ගැනීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා, ඉලෙක්ට්‍රොනික වැඩ සහ මේසන් වැඩ යනාදිය).
අප හඳුන්වා දෙන නව අංග මොනවාද?
1. සෑම සෑම නාගරික කොට්ඨාස කාර්යාලයකම රැකියා සම්බන්ධීකරණ කාර්යාංශ
- පවතින රැකියා, නිපුණතා වැඩසටහන් සහ උපදේශනය සඳහා තරුණ තරුණියන්ට ලියාපදිංචි විය හැකි පොදු කවුන්ටරයකි.
- ප්‍රාදේශික ව්‍යාපාර ලේඛන ලැයිස්තු හා පුහුණු මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වේ.
2. කොළඹ කුසලතා බලපත
- සම්පුර්ණ පුහුණුව හා සේවා පළපුරුද්ද පෙන්වන නගරය විසින් සත්‍යාපනය කරන ලද සරල, භෞතික හෝ ඩිජිටල් කාඩ්පතක්.
- විධිමත් අධ්‍යාපනයකින් තොරව වුව ද තරුණ තරුණියන්ට විශ්වාසනීයත්වය ගොඩනැගීමට උපකාරී වේ.
3. තරුණ වැඩ කේන්ද්‍රස්ථාන
- ප්‍රාදේශික නිපුණතා පුහුණු කටයුතු පවත්වා ගෙන යාම සඳහා ප්‍රජා මධ්‍යස්ථාන හෝ පන්සල් / දේවස්ථාන / පල්ලි සමඟ සෑම මාසයක දීම හවුලේ ක්‍රියා කිරීම.
- රැකියා උපදේශනය හෝ “රැකියා අත්හදා බැලීම්” පිරිනැමීමට කුඩා ව්‍යාපාරවලට ආරාධනා කිරීම.
4. තරුණ දක්ෂතා දින
- යෞවනයන් හමුවී ඔවුන්ගේ කුසලතා (තාක්ෂණික නිරූපණ ඉදිරිපත් කිරීම්, ශිල්පීය හැකියා, කුඩා ව්‍යාපාර) දැක බලා ගැනීමටපැමිණෙන සමාගම් සමඟ සෑම කලාපයකම මාසික මුණගැස්වීමක් සිදු කිරීම සහ එහිදී අර්ධකාලීන රැකියා පිරිනැමීම.
5. ක්ෂුද්‍ර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම
- බාබර් වැඩ, ඇඳුම් මැසීමේ වැඩ, බයිසිකල් අළුත්වැඩියා කිරීම, ජංගම දුරකථන සවි කිරීම යනාදී සේවා ආරම්භ කිරීමේ උවමනාවෙන් පසුවන තරුණ තරුණියන් වෙනුවෙන් කුඩා ප්‍රදාන හෝ උපකරණ (මුදල් නොවන) පිරිනැමීම.
- තරුණ තරුණියන්ට උපදේශනය ලබාදීමට සහ ඔවුන්ට මඟ පෙන්වීම සඳහා ස්ථාපිත වෙළඳසැල් සමඟ හවුලේ ක්‍රියා කිරීම.