Skip links

දිදුලන නගරය, අභිමානවත් නගරය

කොළඹ නගරය ප්‍රායෝගිකව අලංකාර කිරීම සහ හරිත පොදු ස්ථාන සඳහා වන ප්‍රතිපත්තියක්

කොළඹ නගරය තම නිවස යැයි හඳුන්වන ජනතාව තරමටම එය විචිත්‍රවත් වීමට තරම් කොළඹ අගනුවරට හිමිකමක් හා අයිතියක් සතුව තිබේ. දිදුලන නගරය, අභිමානවත් නගරය නමින් වූ වැඩසටහන, නගරය පුරා පිහිටි සියලු කලාප තුළ ඇති නොසලකා හරින ලද අවකාශ පිරිසිදු කිරීම, මධ්‍යගතව පිහිටි ප්‍රදේශ හරිතකරණය කිරීම සහ ස්ථාවර ප්‍රමිතියක් යටතේ පවත්වා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන පරිසරයඅලංකරණය කිරීමේ ප්‍රායෝගික සැලැස්මකි. මෙය සුඛෝපභෝගීත්වය මුල් වූ වැඩපිළිවෙළක් නොවේ. හුදෙක් එය, අභිමානය හා පිරිසිදුකම පෙරදැරි කරගත් මාවතකින් මාවතකට, එක් බිත්තියකින් තවත් බිත්තියකට හා එක් ඉඩ අවකාශයකින් වෙනත් ඉඩ අවකාශයකට පිරියම් යොදමින් ජන අභිමානය ප්‍රතිස්ථාපනය කෙරෙන ක්‍රියාදාමයකි.

දැනට අප සතු දෑ කවරේ ද?

  • සමහර අලංකරණ ව්‍යාපෘති (උදා.: එෆ්.ආර්. සේනානායක මාවත, විහාරමහදේවි උද්‍යානය) බොහෝ දුරට මධ්‍යම කොළඹට සීමා වේ.
  • වටරවුම්, ඇල දාර, හිස් පදික මංතීරු වැනි බොහෝ පොදු ස්ථාන දුර්වල ලෙස නඩත්තු කිරීම හේතුවෙන් ගරා වැටී කැලි කසලින් ගහනව තිබේ.
  • පිරිසිදු කිරීම්, නඩත්තු කිරීම් සහ නෙත් පිනවන වැඩි දියුණු කිරීම් පිළිබඳව කටයුතු කරන දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් නොමැත.
  • ප්‍රජා පාදක අලංකරණ වැඩසටහන් හෝ පුරවැසි මැදිහත්වීම් තුළින් කෙරෙන මුලපිරීම් ඉතා අල්ප ය.
  • අලංකාර කරන ලද අවකාශයන් සඳහා නිත්‍ය නඩත්තු සැලැස්මක් නොමැත. ඒවා බොහෝ විට අබලන් වේ.

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

  • ඇසට ප්‍රිය දසුනක් නොවන ප්‍රධාන ස්ථාන 25 ක් (බිත්ති, අහුමුළු, වටරවුම්, බස් නැවතුම්) හඳුනා ගෙන මාස 12 ක කාලයක් තුළ ඒවා පවිත්‍රත්වයට පත්කර හරිතකරණය කිරීමට ප්‍රමුඛතාව දීම.
  • නාගරික කොට්ඨාස මට්ටමින් නඩත්තු දින දර්ශනයක් භාවිතා කරමින් පොදු තාප්ප හා ගැටිබැමි නිතිපතා අළුත්වැඩියා කර තීන්ත පිරියම් කිරීම.
  • විශේෂයෙන් අධික වාහන තදබදය සහිත ප්‍රදේශවල දැකිය හැකි කැඩුණු පදික වේදිකා, තීන්ත පතුරුයාම්, අයාලේ වැඩුණු පඳුරු සහ කැඩුණු බංකු සවි කිරීම.
  • හිස් ඉඩකඩ ප්‍රයෝජනවත්ව හා ආකර්ශනීය ලෙස තබා ගැනෙන පරිදි පිරිසිදු කිරීමේ කණ්ඩායම් සහ භූ දර්ශන කටයුතුවල නියැලී කම්කරුවන් සම්බන්ධීකරණය කිරීම.
  • වාසස්ථාන, වෙළඳ සැල් සහ මහල් නිවාස ආසන්නයේ කුඩා අවකාශයන් පවත්වාගෙන යාම සඳහා කොට්ඨාස කාර්යාල සහ ප්‍රජා කණ්ඩායම් සම්බන්ධ කිරීම.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

  • කුඩා අලංකරණ සඳහා අයවැය
    • ප්‍රජා දායකත්වය සහිතව නෙත්කළු පොදු අවකාශ වැඩි දියුණු කිරීම සඳහා කුඩා වාර්ෂික අරමුදලක් සෑම කොට්ඨාසයකටම ලැබේ.
  • ගෘහකාණ්ඩ වටපිටාව තුළ තාප්ප හා බිත්ති ව්‍යාපෘති
    • හානියට පත් පොදු තාප්ප හා බිත්ති පිරිසිදු නිර්මාණාත්මක මෝස්තර සහිතව තරුණ හා ප්‍රාදේශීය කලාකරුවන් ලවා තීන්ත පිරියම් කර හෝ ටයිල් අල්ලා අළුත්වැඩියා කර ගනු ලැබේ.
  • හරිත කොරිඩෝ සහ මුළු උද්‍යාන
    • අභාවිත මුළු හා බෙදුම් බිම්කඩ නියඟයට ඔරොත්තු දෙන පැල සිටුවීම මගින් අඩු නඩත්තුවක් සහිත ඉඩ අවකාශ බවට පත් කිරීම.
  • පොදු බංකු සහ සෙවන සැලසීමේ වැඩසටහන
    • බස් නැවතුම් හා උද්‍යාන වැනි ඉහළ ජනරාශියක් සහිත ප්‍රදේශවල මූලික බංකු සහ සෙවන සදන  ආවරණ ස්ථාපනය කිරීම.
  • සෘතුමය පිරිසිදු කිරීමේ වැඩසටහන්
    • සෑම වසරකම ප්‍රධාන පිරිසිදු කිරීමේ හා අලංකාර කිරීමේ දින දෙකක් සම්පුර්ණ මහජන සහභාගීත්වය ඇතිව නගරය පුරාසංවිධානය කිරීම.
  • සංඥා පුවරු හා කණු අලංකරණය
    • සභාවේ සියලු සංඥා සලකුණු පිරිසිදු කර ප්‍රමිතිගත කිරීම, වීදි ලාම්පු කණු පාට කිරීම හා යල් පැන ගිය පෝස්ටර් ගලවා ඉවත් කිරීම.

ක්‍රමවේදයේ විනිවිදභාවය හා වගවීම ඇති කිරීම

  • ඡායාරූපගත කිරීමට පෙර / පසු සියලුම අලංකරණ අයවැය සහ ව්‍යාපෘති, කොට්ඨාස අනුව මාර්ගගත ක්‍රමයට ලැයිස්තුගත කෙරේ.
  • අලංකාර කළ වැඩ පරිශ්‍රවල තත්ත්වය පිළිබඳ කාර්තුමය යාවත්කාලීන කිරීමක් ලබා දෙන ලෙස සෑම කොට්ඨාශයකටම  නියම කෙරේ.
  • නොසලකා හරින ලද ස්ථානවල ඡායාරූප ජංගම ද්වාරයක් හරහා උඩුගත කර කඩිනම් ප්‍රතිචාර අපේක්ෂා කිරීමට පුරවැසියන්ට හැකි ය.
  • නඩත්තු කිරීම සහ ප්‍රජා මැදිහත්වීම මත පදනම් වූ “මාසයේ කොට්ඨාසය”  මාසිකව පිළිගැනීමට ලක් කිරීම.

කඩිනම් අවධානාත්මක ක්ෂේත්‍ර

  • වෙළඳපළ කලාප : කුණු ඉවත් කිරීම, තාප්ප හා බිත්ති හුණු පිරියම් කිරීම, බංකු සවි කිරීම.
  • ඇළ දාර : ජලමාර්ග පිරිසිදු කිරීම, අඩු නඩත්තු හරිත පරිශ්‍ර ස්ථාපනය කිරීම.
  • කාර්යබහුල මංසන්ධි : වටරවුම්වල පැල රෝපණය, සංඥා හා සලකුණු පිරිසිදු කිරීම.
  • පොදු වැසිකිළි අවට බාහිර බිම් හා සායන පිවිසුම් : අභිමානය සහ සනීපාරක්ෂාව සඳහා තීන්ත පිරියම් කිරීම, ටයිල් ඇල්ලීම හෝ හරිත පරිශ්‍රඑක් කිරීම.

Leave a comment