Skip links

නගරයේ වෙසෙන කාන්තාවගේ අයිතිය

කොළඹ නගරයේ කාන්තා ආරක්ෂාව, ඇයගේ සනීපාරක්ෂාව සහ අභිමානය පිළිබඳ ප්‍රතිපත්තිය

කොළඹ නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑර නිදහසේ ගමන් කිරීමටත්, ආරක්ෂිතව වැඩ කිරීමටත්, සුරැකිව සිටින බවට තමාට හැඟෙන්නටත් ඇයට අයිතියක් හා හිමිකමක් තිබේ. ‘නගරයේ වෙසෙන කාන්තාවගේ අයිතිය’ යන වැඩපිළිවෙළ, ආලෝකකරණය, ආරක්ෂිත වැසිකිළි, වාර්තාකරණ පද්ධති සහ විවේකය හා උපකාරය සඳහා වූ ප්‍රජා කේන්ද්‍ර කෙරෙහි ප්‍රමුඛත්වය දෙන කාන්තා ආරක්ෂාව සහ අභිමානය පෙරදැරි කර ගත් මූලාරම්භයකි. එය, ඇගේ පසුබිම කුමක් වුවත්, සෑම කාන්තාවක්ම තමන් ආරක්ෂිත බවටත්, තමාට ගෞරවාන්විතව සලකන බවටත්, තමන් සවිබල ගැන්වෙන බවටත් ඇයට හැඟෙන හා දැනෙන නගරයක් නිර්මාණය කිරීම සඳහා කැපවූ බැඳීමකි.

ගැටලුව

  • කොළඹ බොහෝ කාන්තාවන්, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ප්‍රදේශවල වෙසෙන්නන්, වීදිවල, බස් රථවල සහ ඔවුන්ගේම ගෘහකාණ්ඩ වටපිටාව තුළ දෛනික තර්ජනයන්ට මුහුණ පායි.
  • විශේෂයෙන්ම, ඔසප් වීම හෝ ගැබ් දරන කාල තුළ බොහෝ විට පොදු වැසිකිළි හා සනීපාරක්ෂාව  අනාරක්ෂිත හෝ භාවිතයට ගත නොහැකි වේ.
  • හිරිහැරදායක බව, ප්‍රචණ්ඩත්වය හෝ මානසික ආතතියට මුහුණ දෙන කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂිත අවකාශයක් හෝ ආධාරක පද්ධති ඇත්තේ ඉතා අල්පයකි..
  • අවිධිමත් අංශවල වැඩකරන කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුන්ට බොහෝ විට නිසි ආරක්ෂාවක් හෝ සම්පත් නොමැත.

දැනට අප සතු දෑ කවරේ ද?

  • සමහර පොලිස් කාන්තා කාර්යාංශ සහ නෛතික ආරක්ෂණ නීති. – නමුත්, ඊට ප්‍රවේශය සීමා සහිතයි.
  • කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කීපයක්. – එනමුත්, ඔවුන්ගේ සේවාවන් නගරය පුරා විසිරී නැත.
  • පොදු වැසිකිළි හා සේදුම් කාමර තිබේ. – එසේ වුවද, ඒවා බොහෝ දුරට අනාරක්ෂිත හා අපිරිසිදු වේ. පුරුෂ ආධිපත්‍යයට නතු වේ.

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

1. කාන්තාවන් සඳහා සනීපාරක්ෂක හා ආරක්ෂිත පොදු වැසිකිළි

  • වෙළඳ සැල්, උද්‍යාන සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල පොදු වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම:
    • සනීපාරක්ෂක බැහැර කිරීමේ බඳුන්
    • අගුල් සහ ආලෝකකරණය
    • නිතිපතා පිරිසිදු කිරීම සහ කාන්තා සේවිකාවන්

2. කාන්තා ආරක්ෂණ උපකාරක සේවය සහ Whatsapp වාර්තාකරණය

  • කාන්තාවන් සඳහා හිරිහැර ඇතිවන හෝ අනාරක්ෂිත අවකාශයන් පිළිබඳව වාර්තා කිරීමට පැය 24/7 පුරා නගර මට්ටමේ උපකාරකසේවාවක් සහ වට්ස්ඇප් දුරකථන අංකයක් හඳුන්වා දීම.
  • අදාළ වාර්තා කිරීම්, ප්‍රාදේශික කොට්ඨාසවල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සහ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත සම්බන්ධ කිරීම.

Leave a comment