Skip links

නිවැරදිව රථ ගාල් කිරීම හා නිදහස් ලෙස ගමන් බිමන් යාම

කොළඹ නගරය තුළ වඩා සුහුරු, සාධාරණ හා අතිශය කාර්යක්ෂම නාගරික රථ ගාල් කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක්

දුර්වල ලෙස කළමනාකරණය කරන ලද රථ ගාල් කිරීමේ වැඩපිළිවෙළක් නගරයේ වීදි අවහිර කරයි. කාලය නාස්ති කර, සිත් කලකිරීම ඇති කරයි. නිවැරදිව රථ ගාල් කිරීම හා නිදහස් ලෙස ගමන් බිමන් කිරීම නමින් වූ වැඩපිළිවෙළ ඩිජිටල් ගෙවීම්, ගතික මිලකරණය සහ වඩා හොඳ බලාත්මක කිරීම යන ක්‍රියාවලිය පෙරටු කර ගත් නගරය තුළ වාහන ගාල් කිරීමේ කාර්යය විධිමත් කිරීම සඳහා වූ සුහුරු හා ප්‍රගමනීය මුලපිරීමකි. එමගින්නිර්මාණය කරනු ලබන්නේ, තදබදය අඩු කිරීම, පොදු ඉඩ අවකාශය නැවත ලබා ගැනීම සහ සෑම කෙනෙකුටම නගරය පුරා බාධා විරහිතව එහා මෙහා ගමන් කිරීම පිළිබඳව වූ ක්‍රියා පිළිවෙතකි.

ප්‍රධාන පාර්ශවකරුවෝ

  • කොළඹ මහ නගර සභාව – මංමාවත් ආශ්‍රිත වාහන නැවැත්වීම සහ ඇතැම් පොදු රථ ගාල් කිරීමේ පරිශ්‍ර කළමනාකරණය කරයි.
  • පුද්ගලික වාහන ගාල් කිරීමේ ක්‍රියාකරුවන් – විශේෂයෙන් වාණිජ  පරිශ්‍ර අසල පිහිටි ඉහළ ඉල්ලුමක් සහිත බිම් කඩ කීපයක් පාලනය කරයි.
  • ශ්‍රී ලංකා පොලිසිය සහ රථවාහන අංශය – වාහන නැවැත්වීමේ රෙගුලාසි බලාත්මක කිරීමේ මෙහෙයුම් සහ නීති විරෝධී ලෙස වාහන නැවැත්වීම සම්බන්ධ මෙහෙයුම් කටයුතු ඉටු කරයි.
  • නාගරික සංවර්ධන අධිකාරිය – ව්‍යුහාත්මක වාහන නැවැත්වීමේ වර්ධන කාර්යයන් අධීක්ෂණය කරයි.
  • පොදු ප්‍රවාහනය භාවිතා කරන්නන් සහ කුඩා ව්‍යාපාර හිමිකරුවන් – වාහන ගාල් කර තැබීමේ දුර්වල සැලසුම් හේතුවෙන් බෙහෙවින් පීඩාවට පත් වන්නන්.

වත්මන් රථ ගාල් කිරීමේ යටිතල නිර්මිතය

  • මංමාවත් ආශ්‍රිත සීමිත රථ ගාල් කිරීම හා බැඳි අස්ථාවර නීති බලාත්මක කිරීම්.
  • සෑම විටම ප්‍රවේශ විය නොහැකි හෝ දැරිය හැකි මිලක් සහිත පුද්ගලික පරිශ්‍ර.
  • තථ්‍ය කාලීනව දැන ගත හැකි වාහන ගාල් කර තැබීම සඳහා වූ නගරය පුරා ප්‍රදර්ශනය වන ඩිජිටල් ක්‍රමවේදයක් නොමැත.
  • නිරන්තර ද්විත්ව රථ ගාල්කරණය, මංතීරු අවහිර වීම සහ බාධක ඇති වීම.
  • ව්‍යාපාර සඳහා නම් කරන ලද භාණ්ඩ පැටවීමේ / බෑමේ ඉඩ ප්‍රදේශ නොමැතිකම.

දැනට අප සතු දෑ කවරේ ද?

  • විසන්ධි ගත වූ සහ යල් පිනූ වාහන ගාල්කර තැබීමේ පද්ධති.
  • දැනුවත්භාවය නොමැතිකම හෝ දුර්වල සැලසුම් හේතුකොට ගෙන බොහෝ ඉඩ අවකාශ නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නැත.
  • රියදුරන්ට වාහන නැවැත්වීම සොයා ගැනීමට කේන්ද්රීය යෙදුමක් හෝ වේදිකාවක් නොමැත.
  • රථ ගාල් කිරීමේ අවිධිමත් සේවක පිරිස්, රිසිට්පත් නොදී හෝ වගවීමකින් තොරව මුදල් එකතු කරති.
  • බඩු පැටවීම, පැදවුම් හුවමාරුව හෝ කෙටි නවතා තැබීම් සඳහා විශේෂ කලාප නොමැත.
  • ද්විත්ව රථ ගාල්කරණ සිද්ධීන් හේතුවෙන් රථවාහන පොලීසිය අතිශය පීඩාකාරී ලෙස කාර්ය බහුල වේ.

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

  • වඩා හොඳ සංඥා සහ මංසලකුණු කිරීම් සහිතව නගරය පුරා ඒකාකාරී රථ ගාල් කිරීමේ නීති සැලසුම් කිරීම.
  • වාණිජ ප්‍රදේශ තුළ බඩු පැටවීමේ කලාප සහ කෙටි කාලීනව වාහන නවතා තැබීමේ පරිශ්‍ර නම් කිරීම.
  • රථ ගාල් කිරීමේ සේවක සේවිකාවන් නියාමනය කිරීම සහ පුහුණු කිරීම; හැඳුනුම්පත් ලාංඡන නිකුත් කර මුදල් රහිත ගාස්තු ගෙවීම් ක්‍රම ඇති කිරීම.
  • ගතික මිලකරණය හඳුන්වා දීම – අතිශය කාර්ය බහුල ස්ථානවල තදබදය අඩු කිරීම සඳහා ඉල්ලුම අඩු පරිශ්‍ර වෙනුවෙන් අඩු මිල අනුපාත පිරිනැමීම.
  • දෛනිකව නීති බලාත්මක කිරීම සහ සැලසුම් කිරීම සඳහා.කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ පොලිසිය අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

  • වාහන නවතා තැබීමේ ස්ථානවල තොරතුරු තථ්‍ය කාලීනව ලබා ගැනීමේ හැකියාව පෙන්වන ‘පාක් ස්මාර්ට් කළම්බෝ’ නමින් ජාලගත යෙදුමක් දියත් කිරීම .
  • ඉඩ පරිශ්‍ර අවකාශ පරිහරණ හැකියාව හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වාහන නවතා තැබීමේ කලාපවල සුහුරු  සංවේදක ස්ථාපනය කිරීම.
  • ප්‍රවාහන කේන්ද්‍රස්ථාන අසල බහු මට්ටමේ රථ ගාල් (උදා.: මරදාන, කොටුව, ටවුන් හෝල්) තැනීම.
  • නගර මධ්‍යයේ ගමනාගමන තදබදය අවම  කිරීම සඳහා ‘ගාල් කර පැද යන’ පහසුකම් සකස් කිරීම.
  • කාඩ්පත් සහ ඩිජිටල් ක්‍රම මගින් තථ්‍ය කාලීනව ටිකට්පත් හා රිසිට්පත් නිකුත් කොට ගෙවීම් කළ හැකි වන පරිදි ස්වයංක්‍රීය ලෙස වාහන නවතා තැබීමේ මීටර් කාර්ය බහුල ප්‍රදේශවල නැවත හඳුන්වා දීම හා වැඩි දියුණු කිරීම.
  • ජනාකීර්ණ නේවාසික වීදිවල නේවාසික වාහන නවතා තැබීම සඳහා බලපත් හඳුන්වා දීම.
  • ගෘහස්ත පෙදෙස් හා ප්‍රධාන ගමනාන්ත අතර ඉක්මන් හා තිරසර සංචලනය දිරි ගන්වමින් විදුලි පැදි හා කෙටි දුර විදුලි සංචලත්ව කලාප ප්‍රවර්ධනය කිරීම.

දූෂණය හා අක්‍රමවත් කළමනාකරණය පිටුදැකීම

  • අවිධිමත් මුදල් එකතු කිරීම් අවසන් කිරීම : කඩදාසි පත්‍රිකා සහ අතින් එකතු කරන ලද මුදල් වෙනුවට ඩිජිටල් ගෙවීම් සහ ලැබීම් ක්‍රම ආදේශකිරීම .
  • බලපත් දීම සහ සේවකයින් අධීක්ෂණය : වාහන නැවැත්වීම සඳහා හැඳුනුම්පත් ලාංඡන සහිත පුහුණුව ලත් හා අනුමත කරන ලද පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීම.
  • පොදු ටෙන්ඩර් ක්‍රියාවලිය: සියළුම බාහිර ප්‍රභවගත රථ ගාල් කිරීමේ කලාප ප්‍රකාශිත කොන්දේසි සහිතව විනිවිදභාවයෙන් යුතුව වෙන් කර දීම.
  • මධ්‍යම ආදායම අධීක්ෂණය : රථ ගාල් කිරීම හා බැඳි සියලු ආදායම් අධීක්ෂණය කර ප්‍රසිද්ධියේ වාර්තා කිරීම.
  • පුරවැසි වාර්තාකරණය : ජාලගත යෙදුම හරහා ව්‍යාජ ටිකට්පත් හෝ දූෂිත පිළිවෙත් කිසිවක් සම්බන්ධයෙන් ඍජුවම වාර්තාකිරීමට මහජනතාවට හැකි වීම.
  • විගණනය සහ ආංශික අධීක්ෂණය: සෑම මාස 6 කට වරක් ම රථ ගාල් කිරීමේ මෙහෙයුම් ස්වාධීන විගණනයකට හසු කිරීම.

ක්‍රමවේදයේ විනිවිදභාවය හා වගවීම ඇති කිරීම

  • වාහන නවතා තැබීම, ආදායම සහ බලාත්මක කිරීම පිළිබඳ මාසික වාර්තා බෙදා ගනිමින් හුවමාරු කර ගැනීම.
  • සියලුම නීතිමය රථ ගාල් කිරීමේ සහ රථ ගාල් කිරීම තහනම් කලාප පෙන්වීමට ඩිජිටල් සිතියම් භාවිතා කිරීම .
  • වාහන නැවැත්වීමේ ගාස්තු ව්‍යුහ සහ දඩ මුදල් ආදායම් විවෘතව ප්‍රකාශයට පත් කිරීම .
  • පැමිණිලි හෝ යෝජනා සඳහා වන ජාලගත යෙදුමේ පුරවැසි ප්‍රතිපෝෂණ තොරතුරු විශේෂාංග ඇතුළත් කිරීම .

Leave a comment