කොළඹ නගරය තුළ සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ ප්‍රජා ජීවිතය සැමරීමේ ප්‍රතිපත්තියක්
කොළඹ නගරයට තමන්ගේම වූ ප්‍රජා සවියක්, දක්ෂතාවක් හා පුරාවෘත්තයක් ඇත. එනමුත්, ඒවා සැමරීම සඳහා වූ අවකාශයන් ඊට නොමැත. ‘පහසු වටපිටාවක දිවි ගෙවන්න, අභිමානයෙන් දිදුලන්න’ යනුවෙන් වූ වැඩපිළිවෙළ මගින් ක්‍රීඩා ලීග, එළිමහන් උත්සව, තරුණ කලා කුසලතා හා වීදි ප්‍රසංග සමඟ ජන ජීවිතය නැවත නගරය වෙත ගෙන එයි. එමගින් කොළඹ නගරයේ නොසලකා අත්හැර දමන ලද අවකාශයන් පැහැබර සංස්කෘතික කලාප බවට පරිවර්තනය වනු ඇති අතර නගරය ප්‍රීතිමත්, නිපුණ හා අනන්‍ය නුවරක් ලෙස ස්ථානගත වනු ඇත.
ගැටලුව
- විශේෂයෙන් අඩු ආදායම්ලාභී ප්‍රදේශවල පිහිටි ඌණ උපයෝජිත ක්‍රීඩා පිටි හෝ තරුණ තරුණියන් සඳහා වූ පහසුකම්. දැනට පවතින ඒවා දුර්වල ලෙස නඩත්තු කර හෝ සීමා කිරීම්වලට යටත් කර හෝ ඇත.
- පවුල්, තරුණ තරුණියන් හෝ අමුත්තන් සඳහා විනෝදාස්වාද විකල්ප ඉතා ස්වල්පයකි. – විශේෂයෙන් සාප්පු සංකීර්ණවලින් පිටත ස්ථාන හෝ මිල අධික ස්ථාන පවතී.
- කොළඹ සංචාරකයින්ට හොඳින් ප්‍රදර්ශනය නොකෙරේ. උත්සව අවස්ථා, සංස්කෘතික ක්‍රියාකාරකම් හෝ දේශීය අත්දැකීම් අත්විඳීමට කේන්ද්‍රීයස්ථානයක් නොමැත.
- අපේ නගරය තුළ අක්‍රිය බවක් හා විසන්ධි වූ බවක් දැනෙන්නට තිබේ. – ප්‍රජාව තුළ ජ්වලිත බවක් නැත. නිරන්තර ක්‍රියාකාරකම් නැත. ප්‍රාදේශීය දක්ෂතාවලට හෝ නිර්මාණශීලීත්වයට ඇත්තේ අල්ප සහයෝගයකි.
දැනට අප සතු දෑ කවරේ ද?
- විශාල ක්‍රීඩාංගණ සහ පොදු උද්‍යාන කීපයක් ඇත. – බොහෝ දුරට එදිනෙදා ජනතාවගේ පරිහරණය සඳහා නොයෙදේ.
- ගාලු මුවදොර හා විහාරමහදේවි යන උද්‍යානවල හෝ පෞද්ගලික ස්ථානවල ඉඳහිට මුළුදෙන උත්සව.
- ජනප්‍රිය සංචාරක ස්ථාන – ගංගාරාම පන්සල, නිදහස් චතුරශ්‍රය හා පිටකොටුව – නමුත්, ඇත්තේ සීමිත කතන්දර කීම්, සීමිත ඇවිදීමේ මංතීරු සහ අල්ප මාර්ගෝපදේශිත අත්දැකීම් කීපයකි.
- දක්ෂ තරුණ තරුණියන්, කලාකරුවන් සහ නිර්මාණකරුවන් සිටී. – නමුත්, ඔවුනට පොදු වේදිකාවක් හෝ නගර අනුබලයක් නොමැත.
අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?
ක්‍රීඩා හා තරුණ සහභාගිත්වය
- අඩු භාවිතයක් සහිත පාසැල් හෝ රජය සතු ක්‍රීඩා පිටි සවස් කාලයේ දී / සති අන්තවල මහජන පරිහරණය සඳහා විවෘත කිරීම.
- කුඩා ක්‍රීඩා අවකාශ අලුත්වැඩියා කිරීම
- ප්‍රාදේශීය පුහුණුකරුවන් සහ ආම්පන්න සහාය සහිතව ක්‍රිකට්, පාපන්දු, නෙට්බෝල් සහ වොලිබෝල් යන ක්‍රීඩා ආශ්‍රිත කලාපීය තරුණ ලීග් තරගදියත් කිරීම.
විනෝදාස්වාද ප්‍රවේශය
- සතිපතා පැවැත්වෙන සංස්කෘතික උත්සව, නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට රාත්‍රි හා සජීවී රංග ප්‍රසංග සඳහා නගරය සතු ස්ථාන සහ උද්‍යාන ප්‍රකෘතිමත් කිරීම.
- අඩු වියදම් අවසර පත්‍ර සහ තාක්ෂණික / සපයුම් සේවා සහාය සහිතව ප්‍රාදේශීය උත්සව සංවිධායකයින්ට සහ රංග ශිල්පීන්ට ආධාර කිරීම.
- පාසල් තූර්ය වාදක කණ්ඩායම්, වීදි රංග ශාලා, කතන්දර කීමේ සැසි යනාදී ප්‍රජා පාදක විනෝදාස්වාදය දිරිමත් කිරීම.
සංචාරක ප්‍රවර්ධනය
- කොළඹ නගරයේ උරුම පිහිටි ප්‍රදේශ ආලෝකමත් කිරීම.
- දේශීය පදිංචිකරුවන් (විශේෂයෙන් තරුණ හා වැඩිහිටි පිරිස්) සංචාරක මගපෙන්වන්නන්, කතන්දර කියන්නන්, ආහාර
පාගමන් හා සංස්කෘතික මංපෙත් යනාදියේ සත්කාරකයන් ලෙස පුහුණු කිරීම.
- ඍජුවම අමුත්තන්ට විකිණීමට තැබිය හැකි අයිතම සහිත දේශීය සිහිවටන වෙළඳපොලවල් කලාකරුවන්, නිෂ්පාදකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් සඳහා බිහි කිරීම.
නගර පුරා සති අන්ත උළෙල මාලාව
- “සති අන්ත කොළඹ” වැඩසටහන විවිධ ගෘහකාණ්ඩ ප්‍රදේශවල මරුවෙන් මාරුවට පැවැත්වීම:
- සංගීතය, වීදි ආහාර, නැටුම්, චිත්‍ර කලා බිත්ති, නයිට් බසාර්.
- සෑම ප්‍රදේශයකටම මෙම උත්සව පැවැත්වීම සඳහාත්, තම අභිමානය හා අනන්‍යතාව ඉන් විදහා දැක්වීමටත් සැමට අවස්ථාව සලසා දෙනු ඇත.
කුඩා ක්‍රීඩා පිටි සහ නාගරික ක්‍රීඩා අංගන
- හිස් ඉඩ අවකාශ, අත්හැර දැමූ පොදු අවකාශ සහ ගොඩනැගිලි පියෙසි මත ඇති හිස් අවකාශ පාපන්දු, පැසිපන්දු හා නෙට්බෝල් ක්‍රීඩා සඳහාවන ස්ථාන ලෙස පරිවර්තනය කිරීම.
- තරුණ තරුණියන් කාලය ගෙවා දමමින් රැඳී සිටින පහසුකම් රහිත ඉලක්කගත ප්‍රදේශ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ව්‍යායාම් කලාප
- උද්‍යාන හා අසල්වැසි ගෘහකාණ්ඩ ප්‍රදේශවල වයස්ගත පදිංචිකරුවන් සඳහා විශේෂෙයන් නිර්මාණය කරන ලද ආරක්ෂිත හා එළිමහන්යෝග්‍යතා කලාප ඉදිකිරීම.
- සරල උපකරණ, පැතලි මතුපිට, බංකු සහ සෙවන සහිත ප්‍රදේශ
- කොළඹ වැඩිහිටියන් විෂයයෙහි සෞඛ්‍ය, සමාජ සම්බන්ධතා සහ අභිමානය ප්‍රවර්ධනය කෙරේ.
කොළඹ කේන්ද්‍ර අත්දැකීම
- ගාලු මුවදොර, පිටකොටුව සහ කොටුව යන ප්‍රදේශවල පහත දැක්වෙන කරුණු පෙරදැරිව කුඩා කුටි සකස් කිරීම:
- ප්‍රාදේශීක සිදුවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා;
- සංචාරකයින් හට ඇවිදීමේ චාරිකා සහ ත්‍රිරෝද රථ ගමන් වෙන්කරවා ගැනීමට සහය වීම සඳහා;
- සිතියම්, කතන්දර පොත් සහ ප්‍රදේශවාසීන්ගේ නිර්දේශ හුවමාරු කර ගැනීම සඳහා.
- විචිත්‍රවත් යොවුන් උළෙල: සජීවී සංගීතය, ඩීජේ රාත්‍රි, ආහාර හා කලා උළෙල, එළිමහන් චිත්‍රපට තිරගත කිරීම්, රාත්‍රි වෙළෙඳුන් සහ බීච් බසාර්.
- ඩිජිටල් බස්: සමාජ මාධ්‍ය අභියෝග, ටික්ටොක් කොලැබ්ස් සහ ඉන්ස්ටග්‍රෑම් කළ හැකි බිතුසිතුවම්, නියොන් සංඥා සහ දර්ශනීය ඡායාරූප ස්ථාන.
- සුවතා සහ පරිසර නිංනාද: සූර්ය උදාවේ යෝගා ව්‍යායාම්, ශරීර යෝග්‍යතා සැසි, ශරීර සුවතා සැසි, වෙරළ පිරිසිදු කිරීම් සහ ස්වේච්ඡා වැඩසටහන්.
- ජීවන රටාව හා සහකම්පනය: තේමාගත කෝපි හල් සහ නෙත්කළු සංඥා සලකුණු රටා සහ නිරන්තර වෙළඳ නාමකරණය.