අභිමානනීය, ගෞරවණීය පුරවරයක් පිළිබඳ ප්‍රතිපත්තියක්
සැබවින්ම වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ද ඇතුළුව සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලන නවීන පන්නයේ නගරයක් අප නිර්මාණය කළ යුතුව තිබේ.
සෑම කාර්යයක් සඳහාම ප්‍රවේශය සලසා දීම යනු, පොදු ඉඩ අවකාශ විගණනය කර ඒ හරහා අදාළ යටිතල පහසුකම් නිර්මාණය කිරීමයි. සහායක සේවාවන් පුහුණු කිරීමත්, වැඩි අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා සුරැකුම් පත්‍රයක් හඳුන්වා දීමත්, මෙහි මූලාරම්භයයි.
ඒ අනුව මෙහි ඉලක්කය වන්නේ, කොළඹ නගරයේ සිටින කිසිවෙකු තමන්ගේම වූ නගරයෙන් අත්හැර දමනු ලැබීමයි.
දැනට අප සතු දෑ කවරේ ද?
- පොදු ඉඩ අවකාශ හෝ ගොඩනැගිලි ඉතා සුළු ප්‍රමාණයක් රෝද පුටු සඳහා ප්‍රවේශය සහිතය.
- සමහර පෞද්ගලික ගොඩනැගිලිවල බෑවුම් සහිත ප්‍රවේශ ඇති නමුත් බොහෝ පොදු වැසිකිළි, වෙළඳ සැල් සහ උද්‍යාන සතුව ඒවා නොමැත.
- රැකබලා ගන්නන්, ආබාධිත පදිංචිකරුවන් හෝ වැඩිහිටියන් සඳහා නගරය පුරා ව්‍යාප්ත වූ සහායක පද්ධතියක් නොමැත.
අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?
- ගොඩනැගිලි, වැසිකිළි, පදික වේදිකා සහ ඇතුල්වීමට අපහසු පොදු ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා විගණනයක් ආරම්භ කිරීම.
- වැඩි වශයෙන් භාවිත කරන නාගරික කොට්ඨාස කාර්යාල, උද්‍යාන, වෙළඳ සැල් සහ බස් නැවතුම් යනාදී ස්ථානවල ප්‍රවේශ වැඩි දියුණු කිරීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.
- රජයේ කාර්ය මණ්ඩල සඳහා මූලික ආබාධිත තත්ත්වයන් සහ සත්කාරක සේවා පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු සැසි පැවැත්වීම.
- ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන අයවළුන්ගේ පවුල්වල අයට සහ එම රෝගීන් රැකබලා ගන්නන් සඳහා සහාය වීම.
- ඉබාගාතේ ඇවිදින හෝ නැතිවූ පුද්ගලයින් හඳුනා ගැනීමට හා ඔවුනට සහය වීමට උපකාර වන ඔවුන් ආරක්ෂිතව පෙරළා බාරදීමේ හැඳුනුම්පත් ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම.
තමන් රාජකාරියේ නිරත කාලය අතරතුර රෝගී වන තම ආදරණීයයන් ආරක්ෂිතව හා අධීක්ෂණයෙන් යුතුව නතර කර තබා යාමට හැකි ප්‍රජා පාදක දිවා පිළිසරණ කණ්ඩායම් තෝරාගත් නාගරික කොට්ඨාසවල පිහිටුවීම.
අප හඳුන්වා දෙන නව අංග මොනවාද?
1. නගර ප්‍රවේශකත්ව අරමුදල
- ප්‍රවේශ බෑවුම්, අත්වාරු වැටි, ප්‍රවේශ පහසුකම් සහිත වැසිකිළි හා සංඥා පුවරු සඳහා මුදල් වෙන් කර ඉහළ ජන ඝනත්වයක් සහිත නාගරික කොට්ඨාස මට්ටමින් එම කටයුතු ආරම්භ කිරීම.
2. කොළඹ නගරාශ්‍රිත සුරැකුම් බලපත්‍ර
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා නොමිලේ නගරාශ්‍රිත සුරැකුම් බලපතක් ලබාදීම:
- වැන් රථ හා සායන වෙන්කරවා ගැනීම සඳහා ප්‍රමුඛතා ප්‍රවේශය සහ විශේෂ සේවාවන් සඳහා ප්‍රවේශය සලසා දීම.
- රැකබලා ගන්නන්ට ද මේ සඳහා ලියාපදිංචි විය හැකි ය.
3. ඇතුලාන්තීය සංනිවේදන මෙවලම්:
- දැනුවත් කිරීම් නාගරික සීමාවේ දැන්වීම් ලෙස සහ ශ්‍රවණ පහසුකම් සහිතව සරල බසින් බෙදා හුවමාරු කර ගැනීම.
- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ලබා ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම.