Skip links

සුපැහැදිලි වීදි ජාලය සහ පවිත්‍ර පද්ධති

කොළඹ නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණය යන මාතෘකාව නව ප්‍රවේශයකින් සිතන්නට පෙළඹවීමක් ඇති කර තිබේ.

තැන තැන තැබූ කසල බඳුන් සහ නීති විරෝධී ලෙස කසල බැහැර කිරීම්වල සිට කසල එකතු කිරීම හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ නව ප්‍රවේශයක් හඳුන්වාදීමට අප කටයුතු කරන්නෙමු. මහජන වගවීම නොමැතිකම හරහා වැඩි වර්ධනය වන කොළඹ නගරයේ කැළි කසල අර්බුදය එහි පදිංචිකරුවන් විෂයයෙහි දෛනිකව ඇති කරනුයේ දැඩි කලකිරීමකි.

වීදි අතර ජාලය සම්බන්ධීකරණය සහිත  පවිත්‍රතා වැඩපිළිවෙලක් සකස් කිරීමත් නීත්‍යානුකූල නොවන කසල බැහැර කිරීම් නිරීක්ෂණයට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඒකකයක් පිහිටුවීම. මෙම මුලපිරීම මගින් මහජන සෞඛ්‍ය, පාරිසරික ආරක්ෂාව සහ ප්‍රජා අභිමානය පිරිසිදු නගරයකින් ආරම්භ වන බව සහතික කෙරේ.

ප්‍රධාන පාර්ශවකරුවෝ

  • කොළඹ මහ නගර සභාව – නගර සීමා තුළ කසල එකතු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතනය.
  • මධ්‍යම පරිසර අධිකාරිය – පාරිසරික ප්‍රමිතීන් සහ අනුකූලතාවය නියාමනය.
  • පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් – කසල එකතු කිරීම හා ප්‍රවාහනය කිරීම සඳහා සහාය වනු පිණිස කොළඹ මහ නගර සභාව විසින් කුලී පදනම මත සේවය ලබා ගන්නා පිරිස.

දැනට පවත්නා යටිතල පහසුකම්

  • කසල ට්‍රක් රථ – දෛනික එකතු කිරීම සඳහා භාවිතා වන නමුත් සෑම විටම නිරීක්ෂණයට හසුවී හෝ ප්‍රශස්ත ලෙස යොදා ගනු ලැබ නොමැත.
  • ප්‍රවාහනයට පෙර කසල ඒකාබද්ධ කිරීමේ කටයුතු සඳහා වැල්ලවත්තේ පිහිටි ප්‍රධාන නගර හුවමාරු ස්ථානය.
  • පුත්තලම අරුවක්කාලු කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානය (කිලෝමීටර් 170 ක් දුරින් පිහිටි)
  • පොදු ස්ථානවල නව ඉඩපහසුකම් සහිත බඳුන් ස්ථාපිත කිරීම – නගරය පුරා විසිරී ඇති නමුත් බොහෝ කලාපවල දුර්වල ලෙස නඩත්තු කටයුතු සිදුව ඇත.
  • කොම්පෝස්ට් සැකසීමේ සහ ප්‍රතිචක්‍රීකරණය පහසුකම් පුළුල් කිරීම – ඇතැම් කුඩා පරිමාණ මධ්‍යස්ථාන පිහිටා ඇති නමුත් ඒවා ඌණ උපයෝජනයෙන් යුතු ය.
  • ජලාපවහන හා කාණු පිරිසිදු කිරීමේ කණ්ඩායම් – සීමිත සම්බන්ධීකරණයක් සහිතව, අපද්‍රව්‍ය කණ්ඩායම්වලින් වෙන්ව වෙනමම ක්‍රියාත්මක වේ.

දැනට අප සතු දෑ කවරේ ද?

  • කසල එකතු කිරීම සිදුවන නමුත් බොහෝ අඩු ආදායම් ප්‍රදේශ සහ පටු මාර්ග ආශ්‍රිත ප්‍රදේශ මග හැරේ.
  • පුත්තලමේ පිහිටි තනි කසල ගොඩකිරීමේ බිමක් කරා කොළඹ අපද්‍රව්‍ය ප්‍රවාහනය කෙරේ – එය, දුර හා මිල අධික වේ.
  • පොදු කසල බඳුන් තබා ඇති නමුත් බොහෝ විට ඒවා පිරී ගොස් තිබේ, නැත්නම් කැඩී ගොස් තිබේ.
  • කසල එකතු කිරීම සඳහා තත් කාලීන නිරීක්ෂණය කිරීමට හැකි පද්ධතියක් නොමැත.
  • කම්කරු සේවකයින් සහ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය නොකෙරේ.
  • බොහෝ කැලි කසල වෙන් නොකෙරේ, එමගින් ප්‍රතිචක්‍රීයකරණය සහ කොම්පෝස්ට් සකස් කිරීම දුෂ්කර තත්ත්වයකට පත් කරයි.
  • නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ මහජන දැනුවත්භාවය පහළ මට්ටමක පවතී.

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

  • කසළ ට්‍රක් රථ නිරීක්ෂණය කිරීම සඳහාත්, කසල එකතු කිරීමේ ප්‍රමාදයන් විසඳා ගැනීම සඳහාත් GPS තාක්ෂණය භාවිතා කිරීම.
  • වඩා නිරන්තර පදනමක් මත පොදු කසල බඳුන් පරීක්ෂා කර අළුත්වැඩියා කිරීම.
  • නීති විරෝධී ලෙස කුණු කසළ බැහැර කිරීම නැවැත්වීම සඳහා කැමරා සවි කිරීම සහ නීති බලාත්මක කිරීම සමඟ “පිරිසිදු කලාප” හඳුන්වා දීම.
  • “පිරිසිදු කොළඹක් මගෙන් අරඹමු” යනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වන ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
  • මාසිකව අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු අධීක්ෂණය සඳහා නගරාධිපති කාර්යාලය යටතේ පරීක්ෂණ කණ්ඩායමක් පිහිටුවීම.
  • කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩබිම් 5 ක් හවුල්කාරිත්ව සහයෝගය යටතේ ඉදිකිරීම.
  • සියලු පිරිසිදු කරන සේවක සේවිකාවන් වෙත ආරක්ෂිත ආම්පන්න, පුහුණුව සහ නිරන්තර සෞඛ්‍යාරක්ෂක පරීක්ෂාවන් සලසා දීම.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

  • කසල එකතු කිරීම සඳහාත්, අතපසු වූ කසල එකතු කිරීම් සඳහාත්, පිරිසිදු කිරීම් සඳහාත් පැමිණෙන කාලසටහන් දැක්වෙන පොදු ජාලගත යෙදවුමක් හඳුන්වා දීම.
  • කසල බඳුන් සම්පුර්ණයෙන් පිරී ගිය විට කසල එකතු කිරීමේ කණ්ඩායම් දැනුවත් කිරීමේ සංවේදක සහිත සුහුරු කසල බඳුන් හඳුන්වා දීම.
  • කසල වලින් බිම් ගොඩකිරීම අවම කිරීම සඳහා කසලවලින් බලශක්ති උත්පාදනය කිරීමේ බලාගාරයක් පිහිටුවීම.
  • පුරවැසියන් විසින් ඡායාරූප උඩුගත කරනු ලැබීම් සහිතව අවහිර වූකාණු සම්බන්ධයෙන් වාර්තා කිරීමේ පද්ධතියක් පිහිටුවීම.
  • හෝටල් හා වෙළඳ සැල් වැනි විශාල කැලි කසල එක්රැස් කරන්නන් නියාමනය කිරීම සඳහා ව්‍යාපාර අපද්‍රව්‍ය බලපත් හඳුන්වා දීම.
  • ප්‍රදේශ වශයෙන් කසල ආශ්‍රිත ක්‍රියාකාරිත්වය සහ පිරිසිදුකම ශ්‍රේණිගත කිරීම් පෙන්වන පොදු ලකුණු දීමේ කාඩ්පත් ක්‍රමයක් ඇති කිරීම.
  • ගැටලු සහිත ක්ෂේත්‍ර පුරෝකථනය කිරීම සඳහාත්, ප්‍රතිචාරය කඩිනම් කිරීම සඳහාත් කෘතිම බුද්ධිය භාවිතා කිරීම.

ක්‍රමවේදයේ විනිවිදභාවය හා වගවීම ඇති කිරීම

  • මාසික යාවත්කාලීන කිරීම් මහජනයා සමඟ විවෘතව හුවමාරු කර ගැනීම.
  • කසළ එකතු කිරීම් නිරීක්ෂණය සහ යෝජනා විසඳුම් නිකුත් කිරීම සඳහා සජීවී විද්‍යුත් උපකරණ පුවරු (ඩෑෂ් බෝර්ඩ්) පිහිටුවීම.
  • වඩාත්ම පිරිසිදු කලාප හා කණ්ඩායම් සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ත්‍යාග පිරිනැමීම.
  • ප්‍රතිපෝෂණ තොරතුරු සහ ප්‍රගතිය බෙදා ගැනීම සඳහා නිතිපතා ප්‍රජා රැස්වීම් පැවැත්වීම.

Leave a comment