Skip links

සුහුරු නගරයක්, පවිත්‍ර පද්ධතියක්

විනිවිදභාවයෙන් යුතු, දූෂණයෙන් තොර ඩිජිටල් කොළඹ නගරයක් ගොඩ නැගීම පිළිබඳ ප්‍රතිපත්තියක්

නගර සේවාවල පවත්නා දූෂණය, ප්‍රමාදය සහ අකාර්යක්ෂමතාව මහජන විශ්වාසය බොහෝ දුරට පළුදු කර ඇත.  ‘සුහුරු නගරයක්, සුපවිත්‍ර පද්ධතියක්’ වැඩපිළිවෙළ තුළින් සියලු අවසර පත්, ගෙවීම් කටයුතු, සේවා පිළිබඳව සෙවිල්ලෙන් සිටීම් සහ සේවා සැපයීම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට හසු කිරීම මගින් යල් පැන ගිය, කඩදාසි මත යැපෙන පාලනය විෂයයෙහි අවසානයක් සනිටුහන් වේ. මෙම මුලපිරීම හරහාවිනිවිදභාවය, වගවීම සහ ප්‍රවේශය සහතික කෙරේ. එබැවින්, තම මුදල් කවර ස්ථානයක් වෙත යනවා ද, තම සභාව තමන්ට කෙළෙස සේවය සලසනවා ද යනුවෙන්  පුරවැසියන්ට දැක බලා ගත හැකි ය.

දැක්ම

වෙහෙස නොබලා වැඩ කරන ස්වකීය ජනතාව මෙන් ක්‍රියා කරන නගර සභාවක් දිනා ගැනීම සඳහා කොළඹ නගරය වරම් ලබා ඇත. අද, දූෂණය,ප්‍රමාදවීම් සහ සැඟවුණු යටිකූට්ටු ගනුදෙනු ප්‍රගතියේ මාවත් වසා දමා ඇත. සෑම සේවාවක්ම, සෑම අනුමැතියක්ම හා වියදම් කරන සෑම රුපියලක්ම ඩිජිටල්කරණය කිරීමෙන් අපි මෙම තත්වය  නිවැරදි කරන්නෙමු. මෙම මුලපිරීම මගින් කොළඹ මහ නගර සභාව පත්‍ර කඩදාසි රහිත, ජනතාභිමුඛ හා සම්පුර්ණයෙන්ම නිරීක්ෂණයට භාජනය කළ හැකි සේවා පද්ධතියක් බවට පත් කෙරෙනු ඇත.

ප්‍රධාන අරමුණු

  • කාර්යක්ෂමතාව – ප්‍රමාද හෝ පත්‍ර කඩදාසිවලින් කෙරෙන කටයුතු විරහිත කඩිනම් සේවා.
  • විනිවිදභාවය – පුරවැසියන් හට සෑම රුපියලක්ම සහ තීරණයක්ම සම්බන්ධයෙන් සෙවිල්ලේ සිට නිරීක්ෂණය කළ හැකි ය.
  • දූෂණ විරහිත බව – අතරමැදියන්ට, නිල නොවන ගෙවීම්වලට හෝ සැඟවුණු ලිපිගොනු සඳහා ඉඩක් නැත.

දන් සිදු වන දූෂණය හා ප්‍රමාදය

දූෂණයට, අනුග්‍රහපූර්වකත්වයට සහ අකාර්යක්ෂමතාවයට ගොදුරු වන සභාවේ ප්‍රධාන කාර්ය ක්ෂේත්‍ර යට දක්වේ.

1.  බලපත්‍ර සහ අනුමත කිරීම් (උදා. : ගොඩනැගිලි පර්මිට් පත්‍ර, ව්‍යාපාර බලපත්)

2.  කොන්ත්‍රාත්තු ප්‍රදාන හා ප්‍රසම්පාදන

3.  පොදු වෙළඳ කුටි බෙදා දීම

4.  කසල එකතු කිරීම සහ වීදි නඩත්තු අධීක්ෂණය

5.  ආදායම් එකතු කිරීම සහ ගාස්තු ගෙවීම්

6.  පුරවැසි පැමිණිලි සහ සේවා ඉල්ලීම්

ඩිජිටල් මහ නගර සභාවේ විසඳුම්

1. මාර්ගගත බලපත් සහ අනුමත කිරීමේ පද්ධතිය

  • ගොඩනැගිලි අනුමත කිරීම්, වෙළඳ බලපත් හා විකුණුම් ස්ථාන යනාදිය සඳහා මාර්ගගතව අයදුම් කිරීම.
  • යොමු අංක සමඟ අයදුම්පත් පිළිබඳව සෙවිල්ලෙන් සිට ඊට අදාළ කාල වකවානු ප්‍රසිද්ධියේ බලා ගැනීම.
  • කෙටි පණිවුඩ / විද්යුත් තැපැල් යාවත්කාලීන කිරීම් හරහා ප්‍රමාද වූ ලිපිගොනු ස්වයංක්‍රීව ප්‍රතික්ෂේප වීම.

2. ඩිජිටල් ඉඩම් සහ නිවාස රෙජිස්ටර් කාර්යාලය

  • සියලුම අයදුම්පත් පැහැදිලි, පොදු නිර්ණායක (ආදායම, පවුල් ප්‍රමාණය, හදිසි අවශ්‍යතාව) මත ලකුණු රැස් කර ගැනේ.
  • මාර්ගගත අයදුම්පත සහ විනිවිද පෙනෙන පොරොත්තු පෝලිම්.
  • අතරමැදියන් හෝ පෞද්ගලිකව ලිපිගොනු හැසිරවීමක් නොමැත.

3. ඊ- ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත්තුවල විනිවිදභාවය

  • සියලුම ටෙන්ඩර් සම්පූර්ණ කාල සීමාවන් සහ ලේඛන සමඟ අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කෙරේ.
  • ජයග්‍රාහී කොන්ත්‍රාත්කරු, ව්‍යාපෘති පිරිවැය සහ කාලසීමාව ප්‍රසිද්ධියට පත් කෙරේ.
  • ව්‍යාපෘති වැඩබිම්වල QR කේත පිරිවැයට සහ තත්ව තොරතුරුවලට සම්බන්ධ වේ.

4. සාධාරණ වෙළෙඳාම් සහ වෙළඳ කුටි පද්ධතිය

  • වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා ඩිජිටල් ලොතරැයිය.
  • පැහැදිලි හා මැනිය හැකි කාර්ය සාධනය මත පදනම් වූ වාර්ෂික අලුත් කිරීම්.
  • නිල නොවන ගෙවීම් හෝ අනුග්‍රහයන් සඳහා ශූන්‍ය ඉවසීම.

5. පොදු වැඩ පිළිබඳව තථ්‍ය කාලීනව විමසිල්ලෙන් සිටීම

  • කසල ට්‍රක් රථ, කාණු පිරිසිදු කිරීමේ කණ්ඩායම් සහ වීදි අතුගෑමේ යෙදෙන්නන් සඳහා GPS නිරීක්ෂණය.
  • සේවා සැපයීම අධීක්ෂණය කිරීම පිණිස පදිංචිකරුවන් සඳහා සජීවී උපකරණ පුවරු (ඩෑෂ්බෝඩ්).
  • මගහැරුණු කසල එකතු කිරීම් හෝ අසාධු සේවා පිළිබඳව WhatsApp මගින් වාර්තා කිරීම.

6. මුදල් රහිත ගෙවීම් පමණි.

  • සියලුම ගාස්තු, දඩ මුදල්, කුටි කුලී සහ බලපත් ගෙවීම් ඩිජිටල්ගත කෙරේ.
  • සේවා ඉටු වන ස්ථානවල මුදල් හැසිරවීමක් නොමැත.
  • ලදුපත් ක්ෂණිකව නිකුත් කෙරෙන අතර පොදු අයකිරීම් වාර්තාවල ඒවා දෘෂ්‍යමාන වේ.

7. පුරවැසි ප්‍රතිපෝෂණ තොරතුරු හා පැමිණිලි පිළිබඳ පොදු විවෘත ද්වාර

  • සේවා ඉල්ලීම් සහ පැමිණිලි සඳහා මාර්ගගත සහ ජංගම වේදිකාව.
  • යාවත්කාලීන කිරීම් සහිත  නිරීක්ෂණය කළ හැකි පැමිණිලි කිරීමේ හැඳුනුම්පතක්.
  • නොවිසඳුනු කරුණු සඳහා යුහුසුළු ක්‍රියාකිරීම්.
  • එක් එක් නාගරික කොට්ඨාසය සඳහා මාසික කාර්යසාධන ලකුණු පුවරුව.

8. මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය

  • පැමිණිලි හෝ සේවා ඉල්ලීම් මාර්ගගතව හෝ සිංහල, දෙමළ, හෝ ඉංග්‍රීසි යන භාෂාවලින් ජංගම දුරකථන හරහා ඉදිරිපත් කිරීම.
  • කෙටි පණිවුඩ / විද්යුත් තැපැල් යාවත්කාලීන කිරීම් සහිතව අනන්‍ය යොමු අංකයක් භාවිතා කරමින් පැමිණිලිකිරීම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීම.
  • නොවිසඳුනු කාරණා සඳහා ස්වයංක්‍රීය සීඝ්‍රත්වය සහ පැහැදිලි කාලානුගත ක්‍රියා කිරීම.

මහජනයා දකින දේ කවරේ ද ?

  • නගර සභා වෙබ් අඩවිවල සහ දර්ශන තිර මත පොදු විද්යුත් ඩෑෂ්බෝඩ් පුවරු
    • දෙපාර්තමේන්තුව විසින් වියදම් කිරීම.
    • පැමිණිලි ලැබී ඇති අතර විසඳා ඇත.
    • සජීවී ලෙස ව්‍යාපෘති යාවත්කාලීන කිරීම්.
    • කසල සහ නඩත්තු ක්‍රියාකාරකම් දැක්වෙන සිතියම්

Leave a comment