Skip links

සෞඛ්‍ය සම්පන්න කොළඹක් – සවිමත් ජීවිතයක්

කොළඹ නගරයේ සෑම ගෘහකාණ්ඩ ප්‍රදේශයක් වෙතම සෞඛ්‍යාරක්ෂණය ගෙනයාම පිළිබඳ ප්‍රතිපත්තිය

යහපත් සෞඛ්‍යය මූලික අයිතියක් වේ. එය, ස්වල්ප දෙනෙකුට සීමා වූ වරප්‍රසාදයක් නොවේ. ‘සෞඛ්‍ය සම්පන්න කොළඹ නගරයක් හා සවිමත් ජීවිත’ නමින් වන වැඩපිළිවෙළ තුළින් මහජන රෝග සායන ශක්තිමත් කිරීමටත්, මිල දැරිය හැකි සත්කාර සඳහා වූ ප්‍රවේශය වැඩි දියුණු කිරීමට සහ සියලු නාගරික කොට්ඨාස සිසාරා ප්‍රජා සුවතාවය උදෙසා සහය වීමටත් අරමුණු කර ගනු ලැබ තිබේ. රෝග වළක්වා ගැනීම, අභිමානය සහ නාගරික කොට්ඨාස මට්ටමේ සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම සහිතව, මෙම මුලපිරීම සෑම ගෘහකාණ්ඩ කලාපයක් වෙතම ගුණාත්මක සෞඛ්‍ය සේවා සමීප කර දෙයි.

ගැටලුව

  • කොළඹ අඩු ආදායම්ලාභී ප්‍රදේශවල වෙසෙන බොහෝ පවුල් මූලික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා ගැනීමේ අසීරුතාවකට මුහුණ දෙති.
  • රජයේ රෝහල් රෝගීන්ගෙන් පිරිතිරී පවතී. කාර්ය මණ්ඩල හිඟයකට ද මුහුණ පා සිටී. එම රෝහල් මිනිසුන් වෙසෙන ස්ථානවලට බොහෝ සෙයින් දුරස්ථව පිහිටා ඇති ඒවා වේ.
  • දිගු ගමන් කාලය, ඉහළ ප්‍රවාහන වියදම්, මග හැරෙන වැඩ පැය ගණන යනාදී කරුණු, කල් වේලා ඇතිව තම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මිනිසුන්ව අධෛර්යමත් කරයි. මෙම තත්වය විශේෂයෙන් මව්වරුන්, ළමුන් සහ වැඩිහිටියන් විෂයයෙහි අදාළ වේ.
  • පෞද්ගලික රෝගී සායන මිල අධික වන අතර බොහෝ ගෘහකාණ්ඩ ප්‍රදේශවල රෝග නිවාරණය හෝ  විවිධ රෝග පිළිබඳව දැනුවත්භාවයක්නොමැත.

දැනට අප සතු දෑ කවරේ ද?

  • මධ්‍ය වශයෙන් වැදගත් ස්ථානවල පිහිටි විශාල රජයේ රෝහල් (උදා.:. ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල)
  • ප්‍රතිශක්තිකරණය සහ මාතෘ සෞඛ්‍ය සඳහා වූ කුඩා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල.
  • රෝගීන් සඳහා කඩින් කඩ වෛද්‍ය කඳවුරු සහ ජංගම සායන පවත්වන රාජ්‍ය නොවන සංවිධාන.
  • කොළඹ මහ නගර සභාවට අයත් බෙහෙත්ශාලා (බටහිර හා පාරම්පරික වෙදකම්)

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

1.  ඌණ සේවා සැලසි ප්‍රදේශවල වැඩි වශයෙන් පැවැත්විය යුතු ජංගම සායන

  • රෝග පරීක්ෂා කිරීම, මාතෘ සත්කාර, දියවැඩියා සහ රුධිර පීඩන පරීක්ෂා මෙන්ම මූලික රෝග සායන ද සලසන නිත්‍ය ජංගම සෞඛ්‍ය සේවා ඒකක පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාල හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ හවුලේ ක්‍රියා කිරීම.
  • අඩු ආදායම් ජනාවාස කෙරෙහි අවධානය යොමු කිරීම.

2.  ප්‍රාදේශීය සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන් පුහුණු කිරීම.

  • ප්‍රජාව තුළ වෙසෙන කාන්තාවන් සහ තරුණ තරුණියන් තෝරාගෙන මූලික සෞඛ්‍ය සහය සැපයීම සඳහා පුහුණු කිරීම: ප්‍රථමාධාර, ඖෂධ පාවිච්චිය පිළිබඳව සිහිපත් කිරීම් සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම්.
  • මෙම ස්වේච්ඡා සේවකයන් අධීක්ෂණයක් යටතේ තම සේවා ඉටු කරමින් පවුල් සහ වෛද්‍ය සායන අතර පරතරය පියවා ගැනීම සඳහාඋපකාරී ව්නු ඇත.

3.  ගෘහකාණ්ඩය තුළ කුඩා සෞඛ්‍ය කාර්යාංශ

  • නාගරික කොට්ඨාස කාර්යාලවල හෝ ප්‍රජා මධ්‍යස්ථානවල දී පහත සේවා ජනතාවට සලසා ගත හැකි  සරල සෞඛ්‍ය කවුන්ටර සකස් කිරීම:
    • මූලික උපදෙස් ලබා ගැනීම.
    • දිගුකාලීන ඖෂධ ප්‍රතිකාරවල අඩුව නැවත පිරවීම (රුධිර පීඩනය, දියවැඩියාව)
    • ලඟම ඇති වෛද්‍ය සායනවලට හමුවීම් වෙන්කර නියම කර ගැනීම.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

1. කොළඹ සෞඛ්‍ය කාඩ්පත

  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා සරල හැඳුනුම්පතක් (භෞතික හෝ ඩිජිටල්):
    • එන්නත් හා බෙහෙත් වට්ටෝරු පිළිබඳව සෙවිල්ලෙන් සිටීම.
    • හවුල් සායනවල දී නොමිලේ සේවා ප්‍රවේශය ලබා ගැනීම.
    • ජංගම සායන හමුවීම් සහ පසු විපරම් තොරතුරු සඳහා ලියාපදිංචි වීම.

2. මාර්ගගත සෞඛ්‍ය නිරීක්ෂකය

  • නගරය විසින් පවත්වා ගැනෙන සෞඛ්‍ය ඩෑෂ්බෝඩ් විද්යුත් පුවරුව (ප්‍රාදේශීය කාර්යාලවල ද ප්‍රදර්ශනය කෙරේ) පහත සඳහන් කරුණු පෙන්වයි:
    • ඉදිරියට පවත්වන ගාස්තු රහිත වෛද්‍ය සායන.
    • එක් එක් කලාපයට පොදු සෞඛ්‍ය ගැටලු.
    • සේවා ලබා ගත හැකි රෝගීන්ගේ සංඛ්‍යාව.

3. හදිසි ප්‍රතිචාර පුහුණුව

  • ස්වේච්ඡා සේවකයන්, ත්‍රීරෝද රථ රියදුරන්, ගුරුවරුන් සහ සාප්පු හිමියන් සඳහා මූලික ප්‍රථමාධාර සහ සීපීආර් භාවිතය පිළිබඳව පුහුණුව.
  • ගිලන්රථ සඳහා දුර්වල ප්‍රවේශයක් ඇති ප්‍රදේශවල හදිසි සෞඛ්‍ය තර්ජනවලින් ඇතිවන මරණ සිදුවීම් අඩු කර ගැනීමට උපකාරී වේ.

4. මාතෘ සහ ළමා සෞඛ්‍ය පිළිබඳ අවධානය

  • සායන සහ ජංගම සේවාවන් හරහා ගර්භනී කාන්තාවන් සහ කුඩා දරුවන් සඳහා නොමිලේ පෝෂණ ඇසුරුම් සහ විටමින් වර්ග.
  • රක්තහීනතාවය, මන්දපෝෂණය සහ ශ්වසන ආබාධ සඳහා කල් වේලා ඇතිව පරීක්ෂා කර ගැනීම.

Leave a comment