
කොළඹ නගරයේ උපන් මා, හැදී වැඩුණේ ද මේ නගර සීමාවේමය. මට අධ්‍යාපනය ලබා දී, පුහුණුව සලසා දී, මේ රටට මා විශිෂ්ටයකු කළේ මේ කොළඹයි.
මා උපන් දේශය, ශ්‍රී ලංකාව තුළම රැඳෙමින්, මගේ මුළු දිවිය පුරාම ඇයට සේවය කිරීම මගේ අරමුණයි. අද මේ තත්වය මා ගෙන ආ මගේ සදාදරණීය නගරයට සේවය කිරීම සඳහා මා දැන් මෙලෙස ඉදිරි පියවර තබන්නෙමි.
මගේ සීයා වන, අභාවප්‍රාප්ත එම්. එච්. මොහොමඩ් මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හෙබවීමට පෙර, වරක් කොළඹ පුරපතිවරයා ලෙසද කටයුතු කළා. මට, එතුමාගේ උරුමය හුදෙක් දේශපාලනික වැදගත්කමකට වඩා අතිශය ගැඹුරු පුද්ගලික ඉගැන්වීම් සමුදායක් බව කිව යුතුව තිබේ.
ඔහු මට පෙන්වා දුන්නේ, මහජන සේවය යනු බලය හා බැඳි කිසිවක් නොව, පරමාදර්ශය හා බැඳුණු සේවාවක් බවයි. එය, ඔබ කෙරෙහි විශ්වාසය තබන ජනතාව වෙනුවෙන්, සෑම දිනකම, ක්‍රියාවෙන් කරන කැපවිමක් බවත් එය උතුම් අරමුණක් බවත් ඔහු මට කියා දුන්නා.
මගේ ජීවිත කාලය පුරාවට මා මෙහෙයවා ඇත්තේ එම විශ්වාසයයි.
මා වෛද්‍යවරයකු ලෙස, රටේ යුද ගැටුම් උත්සන්න සමයේ යාපනයේ සිටිමින් යුද පෙරමුණෙහි අපගේ හමුදා භට පිරිස් සමඟ උරෙනුර ගැටී යුද බිමේ තුවාල ලබන අපේම මිනිසුන්ට ප්‍රතිකාර ලබා දී තිබේ.
