Skip links

මුල් අවධියේ සිට එක හා සමානව ඉගෙන ගැනීම

කුමන ස්ථානයක ජීවත් වුවත්, සෑම දරුවකුට ම ශක්තිමත් ජීවිත ආරම්භයක් හිමිවිය යුතු ය.

කොළඹ නගරයේ ජීවත් වන බොහෝ දරුවන්ට ඔවුන් ජීවත් වන ප්‍රදේශය හේතුකොට ගෙනම අවස්ථා නොලැබීම දැකගත හැක. ඔවුන්ගේ ළමාවිය ආරම්භයට අයත් අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය සහ පාසලෙන් පසු ලැබෙන අනුබලය අඩු ආදායම් ලාභීන් ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිත දරුවන්ට සීමා සහිතවීම පෙනී යයි. එය දීගු කාලීන ලෙස සාමාජීය ලෙස අවාසිදායක තත්වයන් නිර්මාණය කරයි.

දරුවාගේ පසුබිම සැලකීමකින් තොරව, ‘මුල් අවධියේ සිට එක හා සමාන ඉගෙනුම් අවස්ථා’ යන නගරික අධ්‍යාපන ව්‍යාපෘතියේ අරමුණ වනුයේ, සෑම දරුවෙකුට ම ගුණාත්මක ඉගෙනුම් අවස්ථා සඳහා ප්‍රජාපාදක සහයෝගය ලබාගැනීමයි.

අධ්‍යාපනය සඳහා අවශ්‍ය මෙවලම් ලබා ගැනීමට ප්‍රවේශය සලසා දීම මේ ඔස්සේ සිදුවන අතර මෙම ව්‍යායාමය මගින්, සෑම දරුවෙකුට ම සාධාරණ ජීවිත ඇරඹුමක් හිමිකරදීම අරමුණ වේ. අධ්‍යාපන සංවර්ධනය හෙට දවසේ ශක්තිමත් කොළඹ නගරයක් ගොඩනැගීමටත් රුකුලක් වනු ඇත.

දැනට අප සතු දෑ කවරේ ද?

  • ප්‍රධාන නගරය ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි රජයේ පෙර පාසල් ගණන සුළු සංඛ්‍යාවක් වන අතර, මෙම පාසල් බොහෝ විට ළමුන්ගෙන් පිරී පවතී. ඒවා අඩු ආදායම් ජනාවාස පෙදෙස්වලින් බෙහෙවින් දුරස්තව පිහිටා තිබේ.
  • මහල් නිවාසවල, ඌණ සේවා සැලසි නාගරික කොට්ඨාසවල හෝ අවිධිමත් ජනාවාසවල වෙසෙන ළමුන් සඳහා ව්‍යුහාත්මක ඉගෙනුම් අනුබලයක් නොමැත.
  • සීමිත රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ අනුග්‍රහය දක්වන නමුත්, ඒවායේ තිර පැවැත්ම පැහැදිලි නැත. ඒවා මහ නගරය පුරා ව්‍යාප්තව නොමැත.
  • අත්හැරී පසුපසට යන ළමුන් සඳහා පාසැල් වේලාවෙන් පසු ක්‍රියාත්මක වන විධිමත් ඉගැන්වීම් වැඩසටහන් කිසිවක් නොමැත.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

1. ජංගම පෙර පාසැල්: රෝද මත දිවෙන පෙර පාසැල්

  • ඌණ සේවා සහිත ප්‍රදේශවල ප්‍රජාවගේ දරුවන් වෙත ආරක්ෂිත, විනෝදජනක හා ප්‍රවේශ විය හැකි ජංගම පන්ති කාමර සංකල්පය ඔස්සේ ඍජුවම මුල් ළමාවිය සංවර්ධනයට අවශ්‍ය ඉගෙනුම් ක්‍රියාකාරකම් සමීප කිරීම.
  • වයස අවුරුදු 5 ට අඩු ළමුන් සඳහා ආරක්ෂිත හා ක්‍රියාකාරී ඉගෙනුම් අවකාශයක් ඇති කිරීම.

2. ප්‍රජා ඉගෙනුම් කේන්ද්‍ර

  • මහල් නිවාස, පන්සල්, මුස්ලිම් පල්ලි සහ ප්‍රජා ශාලා යනාදියෙහි පාසැල් වේලාවෙන් පසු ඉගෙනුම් උපකාරක කලාප ඇති කිරීම.
  • කියවීම, කතන්දර කීම, මූලික ඉගැන්වීම් සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසා දීම.

3. නගරයේ ළමුන් සඳහා ‘සිටි කිඩ්ස් පාස්’ බලපත්.

  • ත්‍යාග පදනම් වූ ඉගෙනුම සඳහා පැමිණීමේ කාඩ්පතක් ලබාදීම.
  • පොත්පත්, ක්ෂේත්‍ර චාරිකා සහ නිර්මාණාත්මක ඉගෙනුම් කට්ටල සඳහා ලකුණු මුදවා ගැනීමේ හැකියාව.

4. ළමා ආරක්ෂණ සේවක පුහුණුව

  • සෑම ප්‍රජා සමූහයකටම අයත් කාන්තාවන් සඳහා කෙටිකාලීන පුහුණුව ලබා දීම.
  • එය සිය අසල්වැසි ගෘහාශ්‍රිතව වෙසෙන ළමුන්ට උපකාර වනු ඇති අතර ඔවුන්ගේ මුල් ළමාවිය රැකබලා ගැනීම හා එය ඔවුන්ගේ ජීවන මාර්ගය බවට පත්කර ගැනීම අරමුණු කර රැකියා අවස්ථා ඇති කිරීම.