Skip links

සමීපස්ථ මහ මාර්ග හා සවිමත් සබඳතා

කොළබ නගරය තුළ වඩා ආරක්ෂිත, සුහුරු හා ඇතුලාන්තීය පොදු ගමනාගමනය පිළිබඳ ප්‍රතිපත්තියක්.

දුර බැහැර සිට ජන සමූහයන්, දිගු ගමනකින් පසු කොළඹ නගරයට අවතීර්ණ වන්නේ තමන්ගේ අවශ්‍යතා සහ රාජකාරි පහසුකර ගැනීමේ අටියෙනි.

එහෙත් ගමනා ගමනයට විශ්වාසදායක නොවන මං මාවත් ආදිය කොළඹ නගරය තුළ දස දහස් ගණනක් ජනතාවගේ දෛනික ජීවිතය දුෂ්කරතාවයට පත් කරයි.

“සමීපස්ථ මහ මාර්ග හා සවිමත් සබඳතා”  වැඩපිළිවෙළ මගින්, ඌණ සේවා සැලසි ඇති පුරවැසියන්ට සහ දෛනිකව පාසල් වෑන් රථ, මගී බස් රථ භාවිත කරන්නන්ට වැඩි දියුණු කළ නැවතුම් මධ්‍යස්ථාන ඔස්සේ ආරක්ෂිත ගමනාන්තයකට ඉඩසලසා දෙනු  ලැබේ.

මෙහි ඉලක්කය සරල ය:

විශේෂයෙන් පාසැල් සිසුන්, සේවකයින් සහ වැඩිහිටි අය වෙනුවෙන් ප්‍රවේශය පහසු, සුරක්ෂිත පොදු ප්‍රවාහන ක්‍රමයක් සලසා දීම මෙහි අරමුණයි.

ප්‍රධාන පාර්ශවකරුවෝ

  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
  • ⁠පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවන්
  • ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව
  • කොළඹ මහ නගර සභාව
  • රථවාහන පොලිසිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය
  • මගීන්, රියදුරන් සහ කුඩා ව්‍යාපාර

මාර්ගවල වත්මන් තත්ත්වය:

  • විශේෂයෙන් කාර්ය බහුල වේලාවන්හි දී, මගී තදබදය සහිත බස් රථ.
  • දුර්වල නඩත්තුව, වායුසමනය, පිරිසිදුකම සහ විශ්වසනීයත්වයෙන් තොර බව.
  • නිසි ආවරණ, ආලෝකකරණය හෝ තොරතුරු සන්නිවේදය රහිත බස් නැවතුම් පොළ.
  • විශේෂිතව වෙන් කළ බස් මංතීරු නොමැතිකම:  පුද්ගලික වාහන ආකාරයෙන්ම මාර්ග තදබදය තුළ සිරවී බස් රථ ධාවනය වීම.
  • පෞද්ගලික හා ගමනාගමන මණ්ඩල බස්රථ ක්‍රියාකරුවන් අතර දුර්වල අනුකූලතා.
  • අධි අවදානම් හරස් මාර්ග සහ අනාරක්ෂිත බස්රථ නැවතුම් ස්ථාන.

දැනට අප සතු දෑ කවරේ ද?

  • බස් රථවලින් බහුතරයක් පැරණි හා අබලන් ඒවා ය.
  • බස් කාලසටහන් පිළිබඳ සජීවී නිරීක්ෂණ හෝ ජංගම යාවත්කාලීන කිරීම් නොමැත.
  • බස් නැවතුම්පොළ දුර්වල ලෙස නඩත්තු නොවන හෝ අනාරක්ෂිත තත්වයේ පවතින ඒවා ය.
  • පාසැල් ආරම්භක සහ අවසාන කාල වේලාවන්හි දී හා කාර්යාල විවෘතව පවතින පැයවල දී අධික තදබදය.
  • ප්‍රමුඛතා මංතීරු හෝ කාල පදනමක් මත රථවාහන ධාවනය සඳහා වූ ක්‍රම නොමැතිවීම.
  • ⁠ආබාධිත ප්‍රවේශ පහසුව හෝ කාන්තා හිතකාමී පහසුකම් සීමා සහිත වීම.
  • බස් මංතීරු විනය හා වේග සීමා දුර්වල ලෙස බලාත්මක කිරීම.
  • අඩු ආදායම්ලාභී ජනාවාස සමඟ දුර්වල ප්‍රවාහන සම්බන්ධනය:  ප්‍රධාන මාර්ග කරා ළඟා වීම සඳහා ළමුන්ට හා සේවක සේවිකාවනට දිගු දුරක් ඇවිදයාමට හෝ ත්‍රීරෝද රථවලට මුදල් ගෙවීමට සිදු වීම.

අප විසින් වැඩි දියුණු කළ යුත්තේ කුමක්ද?

  • ⁠මගී ආවරණ, ආලෝකකරණය සහ මාර්ග තොරතුරු සහිතව බස් නැවතුම් නවීකරණය කිරීම.
  • පදික හරස් මාර්ග සහ සංඥා සහිතව බස් නැවතුම් අසල මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම.
  • ගැටුම් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සහ පෞද්ගලික බස් මාර්ග සම්බන්ධීකරණය කිරීම.
  • වඩා හොඳ මගී සේවයක් සඳහා රියදුරන් පුහුණු කිරීම සහ අධීක්ෂණය කිරීම.
  • පාසල් ළමුන් සහ වැඩිහිටියන් සඳහා ආරක්ෂිත අවකාශ තැනීම.
  • මාර්ග ගැටලු අවම කිරීම සඳහා බස් නැවතුම්වල දී පමණක් මගීන් පටවාගැනීම බලාත්මක කිරීම.
  • අනතුරුදායක වංගු, වලවල් සහ හැරවුම් කලාප හඳුනාගෙන ඊට ප්‍රතිකර්ම ඇති කිරීම.
  • කෙටි දුර පෝෂක බස් රථ සහ වෑන් රථ හඳුන්වා දීම මගින් ඌණ සේවා සැලසි ඇති ප්‍රදේශ සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම.

අප හඳුන්වා දෙන නව අංග මොනවාද?

  • සජීවී බස් ස්ථාන, කාලවේලා සහ මාර්ග හඳුනා ගැනීමේ පහසුව සඳහා ‘මූව් කළම්බෝ’ නමින් ජාලගත යෙදුමක් ඇරඹීම.
  • පැහැදිලි මං සලකුණු සහිතව අධික තදබදයක් ඇති ප්‍රවාහන කොරිඩෝර්වල විශේෂිත නියමු බස් මංතීරු ඇති කිරීම.
  • රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් තුළින් විදුලි හා අඩු විමෝචන බස් රථ හඳුන්වා දීම.
  • වර්ථමානයට ගැලපෙන ලෙස පැමිණීමේ වේලාවන් ප්‍රදර්ශනය කෙරෙන සුහුරු බස් නැවතුම් ස්ථාන ස්ථාපනය කිරීම.
  • ප්‍රධාන බස් නැවතුම් ස්ථානවල ආරක්ෂක අංගයන් ද සහිතව කාන්තා ආරක්ෂිත කලාප පිහිටුවීම.
  • ප්‍රමාද අවම කිරීම සඳහා මංසන්ධිවල දී බස් ප්‍රමුඛතා සංඥා සවි කිරීම.
  • ප්‍රජා සම්බන්ධතා මාර්ග ආරම්භ කිරීම – විශේෂයෙන් පාසල් වේලාවන්හි දී, අඩු ආදායම්ලාභී නිවාස ප්‍රදේශ ප්‍රධාන බස් කොරිඩෝ වෙත සම්බන්ධ කරන කුඩා බස් රථ ධාවනයේ යෙදවීම.
  • තදබදය අවම කිරීම සඳහා කාර්ය බහුල වේලාවනට හා බස් රථගමනාගමනයට ගැලපෙන සුහුරු ප්‍රවාහන ආලෝක පද්ධති ස්ථාපනය කිරීම.
  • ⁠විදුලි වාහන සංචලතාවයට මාරුවීම සඳහා සහය වනු පිණිස ප්‍රධාන පොදු ප්‍රවාහන කලාපවල හා රථ ගාල් කිරීමේ කලාපවල මහ නගර සභාවට අයත් විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීම.
  • නගරය තුළ ඉහළ ජන ඝනත්වයක් සහිත කලාප අතර වේගවත් සම්බන්ධතා ඇති කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ එක්ව කෙටි දුර, අධි වාර සංඛ්‍යාත දුම්රිය සේවාවක් හඳුන්වා දීම.

ක්‍රමවේදයේ විනිවිදභාවය හා වගවීම ඇති කිරීම

  • ධාවන මාර්ගවල හා ධාවක ප්‍රතිපෝෂණ තොරතුරු පිළිබඳ මාසික කාර්ය සාධන සංඛ්‍යාලේඛන බෙදා හුවමාරු කර ගැනීම.
  • ⁠ජාලගත යෙදුම හරහා මාර්ග සහ බස් සේවා පිළිබඳ පොදු සමාලෝචන සබල කිරීම.
  • ක්‍රියාකරු වෙත මාර්ගයෙන් ලද පැමිණිලි විසඳා ඒවා ප්‍රකාශයට පත් කිරීම.
  • සෑම කාර්තුවක් පාසාම ප්‍රතිපෝෂණ තොරතුරු සැසිවාර සඳහා මගීන් සම්බන්ධ කර ගැනීම.

Leave a comment